Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

මොනවද මේ Chat Bots?



Chatbots කියන්නේ සාකච්ඡාමය පරිශීලක අතුරු මුහුණතක්(Conversational UI) හරහා භාවිත කල හැකි මෘදුකාංග යෙදුමක්. මේ Chat Bots වලට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් මෑතකදී තාක්ෂණික ලෝකයේ කතා බහට ලක් වුනා. ඊට හේතු වුයේ Microsoft සමාගම සහ Facebook සමාගම අලුතෙන් Chat Bots සඳහාම Platforms/Frameworks දෙකක් හඳුන්වා දීමයි.

Microsoft සහ Facebook හි මේ Platform දෙකම දැනට Preview තත්වයේයි පවතින්නේ. මේ සමාගම් දෙකම තරඟකාරීව තම නව අංග ඉදිරිපත් කරමින් සිටිනවා. මේ Platform දෙක අතර තිබෙන ප්‍රධාන වෙනස්කම තමයි Microsoft Bot Framework එක භාවිතා කර යෙදුමක් සැකසුවහොත් එය Bot Connector එක හරහා Facebook Messenger, Skype, Slack, Telegram ආදී IM Channels රාශියකට ඉතා පහසුවෙන් එක් කල හැකි වීමයි.

Slack සතුව මිලියන 3 කට අඩු සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. Microsoft Skype හි එම අගය මිලියන 300ක් පමණ වෙනවා. නමුත් Facebook Messenger සතුව මිලියන 900 කට අධික සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. ඒ වගේම Whatsapp සහ Instagram යෙදුම් දෙකත් පවතින්නේ Facebook පාලනය යටතේයි. ඒ අනුව වැඩිම පරිශීලක පිරිස Facebook සමාගම සතුවයි පවතින්නේ. ඒ නිසා Microsoft Bot Framework එක භාවිතා කරන developers ලා හට මේ Bot Connector එක ඉතාම වැදගත් වනවා.

Facebook Bot Engine එකෙහි මුලික පදනම වන්නේ Facebook සමාගම මෑතකදී මිලදී ගත් wit.ai. wit.ai කියන්නේ natural language processing engine එකක්. මෙය ඔබගේ අවශ්‍යයතාවයට අනුව පුහුණු කරන්න පුළුවන්. Microsoft සමාගම සතුවත් මෙවැනි engine එකක් තිබෙනවා. එය නමින් LUIS(Language Understanding Intelligent Service). LUIS.ai සහ Facebook Bot Engine යන natural language processing engines දෙකම පවතින්නේ වෙනම සේවාවන් විදියටයි(Standalone web services). ඒ නිසා Facebook Messenger Platform එක භාවිත කරන bot යෙදුමක backend එක විදියට LUIS යොදා ගන්න පුළුවන්.





Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා