Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

ගජ මෑන් - GajaMan

ශ්‍රී ලoකාවේ මෙතෙක් බිහිවිනු පලමු 3D Animation MOVIE එක ගජ මෑන්-Gaja Man. හැත්තැව දශකයේ අතීශය ජනප්‍රියත්වයට පත් කැමිලස් පෙරේරාගේ 'ගජමෑන්' ඇතුළු කාටූන් චරිත සමූහයක් මූලික කොට ගනිමින් ශ්‍රී ලංකාවේ තැනෙන ප්‍රථම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබේ. මෙම ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරාය. තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනයේ නියුතු අයෙකු ලෙස චානක පෙරේරාව හඳුන්වනු ලබයි. මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍රවූ අතිප්‍රබල ප්‍රකාශනාත්මක චරිතයක් වූ 'ගජමෑන්' ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජෙම්ස් කැමරන්ගේ 'ඇවටාර්' හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ 'ටිං ටිං' වැනි සුප්‍රසිද්ධ සිනමා කෘති නර්මාණය කරන ලද 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය ඔස්සේය. 'චලන ග්‍රහණය' යනුවෙන් අර්ථ ගන්වන 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කල චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ ක්‍රමය මගිනි. මෙම 'මෝෂන් කැප්චර්' (Motion Capture) තාක්ෂණය ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප්‍රියදර්ශන, කසුනි, ප්‍රදීප්, ටිරාක් ශරදා අයයි. මෙහි හඬ රංගනයෙන් දායක වන ප්‍රධානතම ශිල්පීන් දෙපල වන්නේ චූටි මල්ලි සහා පොඩි මල්ලී ලෙස බොහෝ දෙනා ආදරය කරනු ලබන සුනෙත් චිත්‍රාන්නද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන ශිල්පීන්ය. ඊට අමතරව රෂී ප්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අයට හඬකැවීම් අශයෙන් දායකත්වය ලබා දෙයි. ගජමෑන් චිත්‍රපටයේ තිරරචනය සිදුකර ඇත්තේ මොවන් දෙදෙනා විසිනි. රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

Studio 101 motion pictures presents the first ever Three dimension (3D) animation movie in Sri Lanka, using motion capture technology - 'Gajaman'.
Gajaman as known by many in the seventies decade, is a famous and influential cartoon character brought to life by Camillus Perera. 

The animated movie is directed by Chanaka Perera, Starring Chooti Malli, Podi Malli, Sunil Perera, Yureni Noshika, Rashi Pabodha and Dasun Pathirana and many more. 



   







Top Views

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා