Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය



සාපේක්ෂතාවාදයේ "විශේෂ සාපේක්ෂතාවාදය " තුළ "කාලය" හා "ආලෝකය" ගැන එතුමා දක්වනවා.

1. ආලෝකය සලකමු,
ආලෝකය කියන්නේ, ව්ද්‍යුත් චුම්බක විකිරණයක්. එහි ප්‍රවේගය නියත අගයක්. ඒ කියන්නේ, ආලෝකයේ ප්‍රවේගය මොන වස්තුවේ ප්‍රවේගය ට සාපේක්ෂව බැලුවත් නියත අගයක් විතරයි තියෙන්නේ .

2. කාලය සලකමු,
යම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය සලකමු. එම වස්තුව ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වීමකදී ආලෝකයේ සාපේක්ෂ ප්‍රවේගය ක්‍රමයෙන් අඩුවේ, නමුත් එය නියත වියයුතු නිසා එම වස්තුව මත සුවිශේෂී සිද්ධි දෙකක් සිදුවී වස්තුවට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගය නියත වූ අගයට රැගෙන එයි.

එම වස්තුවේ "ගතවන කාලය" මත හා වස්තුවේ "දිග" මත සුවිශේෂි සිද්ධීන් සිදුවේ .
1.කාලය මත සලකමු,

ආලෝකයේ සාපේක්ෂ ප්‍රවේගය දැනට පවතින අගයට වඩා වැඩි වී නියත අගයක් වීමට වස්තුවේ වේගය අඩු විය යුතුය. වස්තුවේ වේගය, කාලය ට ප්‍රතිලෝමව සමානුපාතික නිසා වේගය අඩු වීමට නම් ගතවන කාලය වැඩි වියයුතුය. එහිදී ,කාලය සාපේක්ෂ වේ. වස්තුව තුළ හා වස්තුවෙන් පිටත ලෙස කාලයන් දෙකක් ඇතිවේ.

*****වස්තුවෙන් පිටත "කාලයේ හැසිරීම ",

වස්තුවෙන් පිටත ඔරලෝසුවක් තබා ඇතිවිට, එහි කටුව 12 සිට 9 කරා යෑමේදී, වස්තුව තුළ ඇති ඔරලෝසුවේ කටුව 12 සිට 6 කරා පමණක් ගොස් ඇත.(උපකල්පනයක් පමණි) එනම් වස්තුවේන් පිටත තත්පර 2 වස්තුව තුළ තත්පර 1 ක් විය හැක. උදාහරණයක් ලෙස මෙම වස්තුව තුළ හා ඉන් පිටත ඔරලෝසු දෙකක් තැබුවහොත්, වස්තුව තුළ මිනිත්තුව, වස්තුවේ න් පිටත මිනිත්තුවට වඩා කෙටි වේ. එනම්, අවස්ථා දෙකේ තත්පරයක් සදහා ගතවන කාලය වෙනස් වේ. එනම්, එකෙකු ට සාපේක්ෂව අනෙකාගේ කාලය වෙනස් වේ. එය කාලයේ සාපේක්ෂ බවයි.

සැ.යු.-කාලය ගමන් කිරීම හා කාලයේ වේගය යනු කොටස් දෙකකි.

ආලෝකයේ වේගය ට ආසන්න වේගයකින් දුවන පුද්ගලයකු සලකන්න. කාලයේ සාපේක්ෂ බව දැන් සලකමු.
බාහිර ලෝකයට සාපේක්ෂව ඔහුගේ තත්පරයක් සදහා වැයවන කාලය අඩු නිසා ඔහුගේ වයසට යන ශීඝ්‍රතාවය අඩු විය යුතුය.

2. දිග මත,

ආලෝකයේ ප්‍රවේගය නියත කිරීමට, වස්තුවේ ප්‍රවේගය අඩු කිරීමට නම් වස්තුවේ දිග අඩු විය යුතුය. වස්තුව මත ගත වන කාලය වැඩිවී හා දිග අඩුවී ආලෝකයේ ප්‍රවේගය නියත කරගනී.

Born: 14 March 1879 (Ulm, Kingdom of Württemberg, German Empire)
Died: 18 April 1955 (aged 76) (Princeton, New Jersey, U.S.)

Signature:   
Awards: 
  • Barnard Medal (1920)
  • Nobel Prize in Physics(1921)
  • Matteucci Medal (1921)
  • ForMemRS (1921)
  • Copley Medal (1925)
  • Gold Medal of the Royal Astronomical Society (1926)
  • Max Planck Medal (1929)
  • Time Person of the Century(1999)


Top Views

ගජ මෑන් - GajaMan

නික‌ොලා ‌‌ට‌ෙස්ලා