Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

වෙළඳපොළ දකින්නට ඇති හාඩ් ඩ්‍රයිව් වර්ග


හාඩ් ඩිස්කයක් මිලදී ගන්නට ගියාම ඒවා විවිධ වර්ගවලින් තිබෙනු දකින්නට ලැබෙනවා. එනිසා මිලදී ගනිද්දී ඒවායේ වර්ගය පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතර එය සවිකරනු ලබන මව් පුවරුවට ගැලපෙන ආකාරයේ එකක් වීම ද අත්‍යාවශ්‍ය වෙනවා. හාඩ් ඩිස්ක දත්ත ගබඩා කරන ආකාරය, අභ්‍යන්තර සැලැස්ම අනුව මෙන්ම පරිගණකයට සම්බන්ධ වන ආකාරය අනුවත් වර්ග කිහිපයකින් යුතු වෙනවා. මේ, දැනට වෙළඳපොළ දකින්නට ලැබෙන හාඩ් ඩ්‍රයිව් වර්ග ගැන විස්තර,

PATA (Parallel Advanced Technology Attachment)

PATA යන කෙටි නමින් හැඳින්වෙන මෙය Parallel Advanced Technology Attachment නම්වන සමාන්තර ATA අතුරුමුහුණත පරිගණකය හා සබැඳීමට පාවිච්චි කළා. IDE හාඩ් (Integrated Drive Electronics) ලෙස මේවා බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූවත් පසුකාලීනව එක වැඩිදියුණු කොට Enhanced Integrated Drive Electronics (EIDE) නමින් ද නිකුත් වුණා. Western Digital ආයතනය විසින් 1986දී හඳුන්වාදුන් මෙම හාඩ් ඩිස්ක ද අනෙකුත් උපාංග මෙන්ම පරිගණකයට සබැඳිය හැකි සමාන port එකකින් ගෙන එනු ලැබුවා. එහි දත්ත සංසරණ වේගය තත්පරයට මෙගාබයිට් 133ක් වූ අතර තනි චැනලයක හාඩ් ඩ්‍රයිව් 2ක් පමණක් සබැඳිය හැකි වුණා. මේ සඳහා වයර් 40 සිට 80ක් දක්වා සහිත කේබල් භාවිත වූ අතර බිට් කිහිපයක් එකවර යැවිය හැකි ආකාරයේ සමාන්තර ඒවා වුණා. මෙම හාඩ් ඩ්‍රයිව්වල පාවිච්චි වුණේ කාන්දම් සහිත තැටි යි. එ් මත හෙඩ් එකක් (කියැවුම් හිසක්) එහා මෙහා යමින් දත්ත ලිවීම සහ කියවීම සිදු කළ අතර දත්ත පරිමාව වැඩිකිරීමේදී ඩිස්ක කිහිපයක් එක මත එක තබා තනි බාහුවකට (arm) හිස් (heads) කිහිපයක් යොදනු ලැබුවා.

Designed: 1986 
Bitrate: 16 MB/s originally




SATA (Serial Advanced Technology Attachment)

IDE හෙවත් හරි නම කියනවා නම්, PATA හාඩ් ඩිස්ක්වලට පසුව පැමිණි SATA ඩිස්කවල සම්බන්ධකයේ වෙනස වූයේ එහි ශ්‍රේණිගත ATA අතුරුමුහුණතක් භාවිතා වීමයි. ඩෙස්ක්ටොප් මෙන්ම ලැප්ටොප් පරිගණකවල ද භාවිතයට ගැණුනු මේවායේ ශ්‍රේණිගත සංඥා තාක්ෂණය නිසා තත්පරයට මෙගාබයිට් 150ක වේගයක් ලැබුණු අතර භාවිතයට ගැණුනු කේබල් ද කුඩා, තුනී සහ නම්‍යශීලී වුණා. පෝර්ට් එකේ පළල ද බෙහෙවින් අඩුවූ අතර එහි තිබුණේ pin 7ක් පමණයි. නමුත් කේබලයේ උපරිම දිග මීටරයක් පමණක් විය යුතු වූවා. දත්ත සංසරණයේදී bandwidth බෙදාගැනීමක් මෙයට කළ නොහැකි වුණේ මව්පුවරුවේ SATA controller චිප් එකකට එක් හාඩ් ඩ්‍රයිව් එකක් බැගින් පමණක් සහාය දැක්වීමට හැකිව තිබූ නිසායි. මෙම හාඩ් ඩ්‍රයිව් අඩු බල පරිභෝජනයක් කළ අතර PATAවල 5V වලට සාපේක්ෂව මෙයට අවශ්‍ය වූයේ හුදෙක් 250mV පමණයි.

Designed: 2000
Bitrate: 
300 MB/s originally




SCSI (Small Computer System Interface)

කුඩා පරිගණක පද්ධති අතුරුමුහුණත (Small Computer System Interface – SCSI) ලෙස හැඳින්වුණු මෙම වර්ගයේ හාඩ් ඩිස්කවල බාහිර පෙනුම ATA ඩිස්කවලට ම සමාන නමුත් පරිගණකයට සබැඳෙන පෝට් එක වෙනස් එකක් වුණා. අභ්‍යන්තරිකව හෝ බාහිරව සබැඳිය හැකි මේ හාඩ් ඩ්‍රයිව් SCSI ස්ලොට් එකක් නැති ඩෙස්ක්ටොප් පරිගණකයකට වුවත් PCI Express ස්ලොට් එකට සබඳන SCSI card එකකින් එම පහසුකම ලබා ගැනීමට හැකි වුණා. SCSI හාඩ් ඩ්‍රයිව් 15ක් එක දිගට ශ්‍රේණිගතව සම්බන්ධ කරමින් වේගවත්, විශ්වසනීය, පැය 24ක් දවස් හතම එක දිගට ක්‍රියා කරවිය හැකි අතර විශාල ප්‍රමාණයේ දත්ත සංසරණයට සහ ගබඩා කිරීමට මේවා යෝග්‍ය වෙනවා. මෙම ඩ්‍රයිව් අතර යෙදිය යුතු කේබල් අඩි 3කට වඩා අඩු වන තරමට එහි දත්තවල නිරවද්‍ය බව තහවුරු වනවා. සබඳන ලද ඩ්‍රයිව් ශ්‍රේණිය අවසානයේ SCSI terminator එකක් ද අනිවාර්යයෙන් යෙදිය යුතු වෙනවා.

Designed: 1988 
Bitrate: 20 MB/s originally





SSD (Solid-state drive)

Solid State Drives හෙවත් වේගයෙන් චලනය වන තැටිවල arm එකකින් චුම්බක තාක්ෂණයෙන් දත්ත ගබඩා කිරීම වෙනුවට පෙන් ඩ්‍රයිව්වල මෙන් Flash storage එකක් යොදාගන්නා හාඩ් ඩ්‍රයිව් මෙලෙස හැඳින්වෙනවා. මේවායේ චලනය වන කිසිදු කොටසක් නොමැති නිසා දත්ත ගබඩා කිරීමේ වේගය ඉතාම වැඩියි. කොටු හැඩැති පෙට්ටියක් වැනි සාමාන්‍ය හාඩ් ඩ්‍රයිව් පෙනුමෙන් මෙන්ම රැම් කාඩ් පෙනුමෙන් මැක්බුක් පරිගණකවලත්, VGA කාඩ් වැනි පෙනුමෙන් යුතුව ඩෙස්ක්ටොප් පරිගණකවලටත් මේවා සකසා තිබෙනවා. එවන් ආකාර PCIe ලෙස හඳුන්වන අතර එහි පරිපථය බාහිරයට නිරාවරණයවී පවතින නිසා Flash මතකයන් සහිත චිප් පවතින ආකාරය දැකගත හැකියි. අඩු බල ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි දත්ත සංසරණ වේගයක් ලබාදෙන මේ ඩ්‍රයිව් ඝට්ටනයන් නිසා හානියට පත්වන්නේ ද නැහැ. නමුත් දිගු කාලයක් තිස්සේ දත්ත ලිවීම සිදුකරන විට ක්ෂයවීම් සිදුවන නිසා චුම්බක දත්ත ක්‍රමය තරම් වැඩි කාලයක් දත්ත සුරක්ෂිතව තබා ගැනීමට උචිත වන්නේ නැහැ.

Designed: 1991 
Bitrate: 712 MB/s originally





Timeline of Hard Disk till 2017 & 2018

  • 1956 - IBM 350, shipment of test disk drive to Zellerbach, SF CA, USA
  • 1957 - IBM 350, first production disk drive, 5 million characters (6-bit), equivalent to 3.75 megabytes.
  • 1961 - IBM 1301 Disk Storage Unit introduced with one head per surface and aerodynamic flying heads, 28 million characters (6-bit) per module.
  • 1961 - Bryant Computer Products division of Ex-Cell-O, 1 meter platters, 1200 RPM, up to 205MB.
  • 1962 - IBM 1311 introduced removable disk packs containing 6 disks, storing 2 million characters per pack
  • 1964 - IBM 2311 with 7.25 megabytes per disk pack
  • 1964 - IBM 2310 removable cartridge disk drive with 1.02 MB on one disk
  • 1965 - IBM 2314 with 11 disks and 29 MB per disk pack
  • 1968 - Memorex is first to ship an IBM-plug-compatible disk drive
  • 1970 - IBM 3330 Merlin, introduced error correction, 100 MB per disk pack
  • 1973 - IBM 3340 Winchester introduced removable sealed disk packs that included head and arm assembly, 35 or 70 MB per pack
  • 1973 - CDC SMD announced and shipped, 40 MB disk pack
  • 1976 - 1976 IBM 3350 "Madrid" – 317.5 megabytes, eight 14" disks, re-introduction of disk drive with fixed disk media
  • 1979 - IBM 3370 introduced thin film heads, 571 MB, non-removable
  • 1979 - 1979 IBM 62PC "Piccolo" – 64.5 megabytes, six 8" disks, first 8-inch HDD
  • 1980 - The IBM 3380 was the world's first gigabyte-capacity disk drive. Two 1.26 GB, head disk assemblies (essentially two HDDs) were packaged in a cabinet the size of a refrigerator, weighed 455 kg (1000 lb), and had a price tag of 81,000 USD (Model B4) which is 240,579 USD in present-day terms.
  • 1980 - ST-506 first 5​1⁄4 inch drive released with capacity of 5 megabytes, cost $1500 USD
  • 1982 - HP 7935 404 megabyte, 7 platter hard drive for minicomputers, HP-IB bus, $27,000
  • 1983 - RO351/RO352 first 3​1⁄2 inch drive released with capacity of 10 megabytes
  • 1986 - Standardization of SCSI
  • 1988 - PrairieTek 220 – 20 megabytes, two 2.5" disks, first 2.5 inch HDD
  • 1989 - Jimmy Zhu and H. Neal Bertram from UCSD proposed exchange decoupled granular microstructure for thin film disk storage media, still used today.
  • 1990 - 1990 IBM 0681 "Redwing" – 857 megabytes, twelve 5.25" disks. First HDD with PRML Technology (Digital Read Channel with 'partial response maximum likelihood' algorithm).
  • 1991 - IBM 0663 "Corsair" – 1,004 megabytes, eight 3.5" disks; first HDD using magnetoresistive heads
  • 1991 - Integral Peripherals 1820 "Mustang" – 21.4 megabytes, one 1.8" disk, first 1.8-inch HDD
  • 1992 - HP Kittyhawk – 20MB, first 1.3-inch hard-disk drive
  • 1993 - IBM 3390 model 9, the last Single Large Expensive Disk drive announced by IBM
  • 1994 - IBM introduces Laser Textured Landing Zones (LZT)
  • 1997 - IBM Deskstar 16GP "Titan" – 16,800 megabytes, five 3.5" disks; first (Giant Magnetoresistance) heads
  • 1997 - Seagate introduces the first hard drive with fluid bearings
  • 1998 - UltraDMA/33 and ATAPI standardized
  • 1999 - IBM releases the Microdrive in 170 MB and 340 MB capacities
  • 2002 - (Parallel) ATA breaks 137 GB (128 GiB) addressing space barrier
  • 2003 - Serial ATA introduced
  • 2003 - IBM sells disk drive division to Hitachi
  • 2004 - MK2001MTN first 0.85-inch drive released by Toshiba with capacity of 2 gigabytes
  • 2005 - First 500 GB hard drive shipping (Hitachi GST)
  • 2005 - Serial ATA 3 Gbit/s standardized
  • 2005 - Seagate introduces Tunnel MagnetoResistive Read Sensor (TMR) and Thermal Spacing Control
  • 2005 - Introduction of faster SAS (Serial Attached SCSI)
  • 2005 - First perpendicular magnetic recording (PMR) HDD shipped: Toshiba 1.8-inch 40/80 GB
  • 2006 - First 750 GB hard drive (Seagate)
  • 2006 - First 200 GB 2.5" hard drive utilizing perpendicular recording (Toshiba)
  • 2006 - Fujitsu develops heat-assisted magnetic recording (HAMR) that could one day achieve one terabit per square inch densities
  • 2007 – First 1 terabyte hard drive (Hitachi GST)
  • 2008 - First 1.5 terabyte hard drive (Seagate)
  • 2009 - First 2.0 terabyte hard drive (Western Digital)
  • 2010 - First 3.0 terabyte hard drive (Seagate, Western Digital)
  • 2010 - First hard drive manufactured by using the Advanced Format of 4,096 bytes a block ("4K") instead of 512 bytes a block
  • 2011 - First 4.0 terabyte hard drive (Seagate)
  • 2011 - Floods hit many hard drive factories. Predictions of a worldwide shortage of hard disk drives cause prices to double.
  • 2012 - Western Digital announces the first 2.5-inch, 5 mm thick drive, and the first 2.5-inch, 7 mm thick drive with two platters (Western Digital)
  • 2012 - HGST announces helium-filled hard disk drives, promising cooler operation and the ability to increase the maximum number of platters from five to seven in the 3.5" form factor (Hitachi GST)
  • 2012 - TDK demonstrates 2 TB on a single 3.5-inch platter
  • 2012 - Hitachi Global Storage Technologies and Western Digital merge to one hard drive manufacturer. To ensure actual competition on the hard drive market after the merging, the U.S. Federal Trade Commission requires that Western Digital and Hitachi GST give assets and intellectual property rights to Toshiba. This allows Toshiba to re-enter the 3.5" desktop hard disk drive market with capacities up to 3 TB. Prior to this, Toshiba had only manufactured 2.5" laptop HDDs for many years.
  • 2013 - Seagate announces that it will ship hard disk drives with capacities up to 5 TB using shingled magnetic recording (SMR), a method where tracks are written to partially overlap each other. The read head, being smaller, can still read the overlapped tracks.
  • 2013 - HGST announces a helium-filled 6 TB hard disk drive for enterprise applications
  • 2013 - Western Digital demonstrates heat assisted magnetic recording (HAMR) technology
  • 2014 - Seagate introduces 6 TB hard drives that do not use helium, in turn increasing their power consumption and lowering their overall cost
  • 2014 - Seagate ships world's first 8 TB hard drives
  • 2015 - In June HGST ships Ultrastar Archive Ha10 SMR HDD, the world's first 10 TB HDD followed in December by a conventional PMR HDD
  • 2017 - 12 TB Helium-based HDD available from Western Digital.
  • 2017 - 14 TB Helium-filled PMR HDD announced by Toshiba, with availability being promised for 2018 Q1 or Q2.

***Please Like/Comment & Share***

Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා