Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

YouTube වෙතින් Facebook Live වීඩියෝ හට තරගයක්



YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය වෙත එක්කල හැකිවනු ඇත.

ජංගම දුරකථන හරහා Live වීඩියෝ පට අන්තර්ජාලයට එක්කරන සේවා අතරින් Facebook හා Periscope ප්‍රචලිත සේවාවන් කිහිපයක්. නමුත් යූටියුබ් සතුව දැනට පවතින ප්‍රභල තාක්ෂණික සැකැස්ම තුල අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි යූටියුබ් සමාගම පවසන්නේ.

මේ වන විටත් Facebook Live ලංකාව තුල අතිශය ජනප්‍රිය අංගයක් වී හමාරයි. ඒ වගේම Facebook සිය Live වීඩීයෝ සඳහා විශාල වශයෙන් ධනය ශ්‍රමය ආයෝජනය කරන අතර ජනප්‍රිය තරු පවා යොදාගනිමින් සිය සේවාව ප්‍රචලිත කරවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් මේ නව යූටියුබ් සේවාව සාමාන්‍ය භාවිතකරන්නන් හට එළිදැක්වෙන දිනයක් ගැන සඳහනක් නම් තවමත් නිකුත් කර නැහැ. දැනට බොහෝම සුළු පිරිසකට පමණයි මේ සේවාව එළිදක්වා තිබෙන්නේ.


Top Views

ගජ මෑන් - GajaMan

නික‌ොලා ‌‌ට‌ෙස්ලා

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය