Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ?



Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ඉතින් මේ උපකරණවල ඇතුලේ කම්බි දගර දෙකක් ඔතලා තියෙනවා. ඉන් එකක් තමයි ප්‍රාථමික දගරය අනිත් එක තමයි ද්විතික දගරය.ප්රාථමික දගරය Phone එක ඇතුලෙත් ද්විතික දගරය Wireless Charger එක ඇතුලෙත් පිහිටලා තියෙනවා.Transformers වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එවා තමයි,
  1. අවකර පරිණාමක
  2. අධිකර පරිණාමක


Wireless charge වල තියෙන්නේ අවකර පරිණාමකයක් ඒ කියන්නේ ලොකු විදුලියක් එක් කම්බි දගරයකට දුන්නාම අනිත් කම්බි දගරයෙන් කුඩා විදුලි බලයක් එලියට ගන්න පුලුවන්. ඉතින් මේ කම්බි දගරයෙන් කොහොමද විදුලියක් නිපදවෙන්නේ? පොඩි කාලේ ඔයාට මතක ඇති පොඩි කම්බි දගරයක් අරගෙන එකේ +,- දෙක ගැල්වනෝමිටරයකට සම්බන්ද කරලා ලොකු චුම්බක කැල්ලක් කම්බි දගරය ගාවින් එහා මෙහා අරන් යනකොට අර ම්ටර් එකේ කටුව චලනය වෙනවා. ඒ කියන්නේ විදුලියක් නිපදවෙනවා කියන එක.


ඉතින් අර Wireless charger එකේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති ඔයා දන්නවනේ අපේ ගෙදරට එන Current එක Ac Voltage එකක් ඒ කියන්නේ කාලයට අනුව එකේ +,- මාරුවෙනවා ඉතින් ඒ කියන්නේ අපි Current එක Wireless charge එකට දුන්නාම කාලයට අනුව දගරයේ ගලන ධාරාවේ පැත්ත මාරුවෙනවා එතකොට මම දැන් අර ඔයාට කිව්වා වගේ Wireless Charger එක ඇතුලේ තියෙන දගරයෙන් චුම්බක බලයක් නිපදවෙනවා.අන්න ඒ චුම්බක බල රේඛා අපේ Phone එක ඇතුලේ තියෙන අනිත් කම්බි දගරයේ ගිහිල්ලා හැප්පෙනවා එතකොට ඒ දගරයෙත් අර ද්විතියික දගරයෙන් ඇති ධාරාවට සමාන ධාරාවක් ඇති වෙනවා. මෙන්න මේ චුම්බක බලයෙන් තමයි Current එක වාතය හරහා ගමන් කරන්නේ. ඉටපස්සේ ඒ ධාරාව ඍජුකරනය වෙලා තමයි Battry එකට යන්නේ මේ තියෙන්නෙ ඍජුකරන පරිපථයක්



ඉතින් මේ Charage එක හොදට සහ ඉක්මනින් වෙන්න නම් Phone එකයි Charger එකයි ගොඩක් ලගින් තියෙන්නත් ඔනි.

Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා