Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

micro:bit ශ්‍රී ලංකාවට



මිට වසර 30 කට පමණ පෙර BBC Micro පරිගණකය හඳුන්වා දුන්නේ අනාගත ක්‍රමලේඛකයන් අරමුණු කර ගෙනයි. කර්මාන්තයේ දියුණුවට එය මහෝපකාරී වුනා. BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro:bit හඳුන්වා දුන්නා. micro:bit කියන්නේ ඉතා කුඩා පරිගණකයක්. එක්සත් රාජධානිය තුල පමණක් මිලියනයකට අධික පාසල් සිසුන් ප්‍රමාණයකට micro:bit බෙදා හරිමින් පවතිනවා. දැන් මෙය ලොව වටා රටවල් වල සිසුන් සඳහාද ලබා දෙනවා.

micro:bit පරිගණකය, BBC Micro පරිගණකයට වඩා 17 වතාවක් කුඩයි. 617 වතාවක් සැහැල්ලුයි. නමුත් 18 වතාවක් වේගවත්. මෙය සතුව රතු LED 25 ක් , ක්‍රමලේඛනය කල හැකි බොත්තම් 2ක්(programmable buttons), මාලිමාවක්(compass), චලන අනාවරකයක්(motion detector), Bluetooth Smart තාක්ෂණය සහ ආදාන ප්‍රතිදාන සඳහා වලයන්(Input and Output (I/O) rings) 5 ක් පවතිනවා.

හැකි උපරිම අයුරින් මෙහි ක්‍රමලේඛනය පහසු කරන්නට මෙහි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. Python සහ C++ යන ක්‍රමලේඛන භාෂාවන් මෙහි භාවිතා කරන්නට පුළුවන්. Microsoft Touch Develop (text-based) සහ Microsoft Blocks (graphical) යන ක්‍රමලේඛන භාෂා දෙක Microsoft සමාගම මේ සඳහා හඳුන්වා දී තිබෙනවා.

Microsoft Azure cloud services තුල පිහිටුවා ඇති BBC Micro Bit වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට එහි ඇති තොරතුරු සහ වෙබ් මූලික වූ programming environment එක භාවිතා කරන්න පුළුවන්. පරිශීලකයන් ලියන පරිගණක කේත මෙම වෙබ් අඩවිය මගින් සුරක්ෂිත කරනවා. මෙම පරිගණක කේත වෙතට ඕනෑම වෙලාවක ඔබේ Android හෝ iOS උපාංගය සඳහා ඇති යෙදුම් හරහා ප්‍රවේශ වන්නට පුළුවන්. Microsoft Touch Develop හා PXT යෙදුම් හරහා ක්‍රමලේඛන cloud හි compile කර එහි ප්‍රතිඵලය micro:bit වෙතට ලබා දීම සිදු කෙරෙනවා.

micro:bit හි පිරිවිතර,

Size: approx. 5cm x 4cm
Weight: 8g
Processor: 32-bit ARM Cortex M0 CPU
Bluetooth Low Energy
Digital Compass
Accelerometer
Micro-USB controller
5×5 LED matrix with 25 red LEDs
2 programmable buttons
Powered by 2x AAA batteries


















අනිත් අයටත් දැනගන්න Share කරන්න ...



Top Views

ගජ මෑන් - GajaMan

නික‌ොලා ‌‌ට‌ෙස්ලා

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය