Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

සෑම වෙබ් අඩවියකම HTTPS තිබිය යුත්තේ ඇයි?


මේ වෙබ් පිටුවේ ඉහළ, වෙබ් ලිපිනය තිබෙන ස්ථානයේ කොළ පැහැයෙන් තිබෙන https වචනයෙන් පෙන්වන්නේ ඔබ සහ NexTech වෙබ් අඩවිය අතර තිබෙන අන්තර්ජාල සබඳතාව ආරක්ෂිත එකක් බවයි. කිසිදු තෙවන පාර්ශවයකට ඔබේ තොරතුරු මෙම සබඳතාවය හරහා ලබාගත නොහැකි සේ ආරක්ෂණය කොට ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව මෙවන් වෙබ් අඩවියකට පිවිස ඔබේ තොරතුරු ලබා දෙන්නට පුළුවන්. මෙලෙස වෙබ් අඩවිය සහ පිවිසෙන්නා අතර ඇති සබඳතාව ආරක්ෂණය කරමින් දෙපස විශ්වාසය ගොඩනගා දෙන HTTPS ආරක්ෂණය එනිසා සෑම වෙබ් අඩවියකම තිබිය යුතුයි.

ඔබ පවත්වාගෙන යන වෙබ් අඩවියක පරිශීලක මුරපද සහිත login system එකක්, ඊමේල්, ක්‍රෙඩිට් කාඩ් දත්ත වැනි වෙනත් පෞද්ගලික තොරතුරු ලබාගන්නවා නම් https හරහා කිරීමෙන් එම දත්ත Man-In-The-Middle පහරදීම්වලින් තෙවන පාර්ශවයකට යාම වළක්වා ගන්නට පුළුවන්. HTTP හරහා දත්ත සංසරණය කිරීමේදී එම දත්ත ආකේතනය නොකර text වශයෙන් ම පරිශීලකයාගේ සිට වෙබ් අඩවිය තෙක් පැමිණෙන නිසා එයට මැදිහත් වන හැකර්කරුවෙක්ට පහසුවෙන්ම ඔවුන්ගේ phishing වෙබ් අඩවියක් සබඳතාව මධ්‍යයට යොදන්නට, යැවෙන දත්ත බලා ගැනීමට හැකියාව ලැබෙනවා. HTTPS හරහා ඔබේ වෙබ් අඩවිය විසින් නිකුත් කරන සහතිකය HTTP මාධ්‍යයේදී නොලැබෙන නිසා බ්‍රවුසරයට ඒ සත්‍ය වෙබ් අඩවිය බවට සත්‍යාපනය කරගැනීමට ද නොහැකි වෙනවා.


අනිත් අයටත් දැනගන්න Share කරන්න ...

Top Views

ගජ මෑන් - GajaMan

නික‌ොලා ‌‌ට‌ෙස්ලා

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය