Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

ඩීසල් ට්‍රක් රථවලට අභියෝගකරන ටෙස්ලා ට්‍රක් රිය



'ටෙස්ලා සෙමි' නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය.

ඇමෙරිකාවේ 'සෙමි ට්‍රේලර් ට්‍රක්' ලෙස හඳුන්වන මෙම වාහනය 2019 දී නිෂ්පාදනය සදහා යොමු කිරීමට නියමිත බව ටෙස්ලා සමාගම පවසයි.

නව ට්‍රක් රිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ "එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය" බවය.

ඒ සමග මස්ක් තවත් හෙළිදරව්වක් කරද්දී විද්‍යුත් ට්‍රක් රියේ ට්‍රේලරයෙන් පිටතට පැමිණියේ, මෝටර් රථ තරඟ වලට යොදා ගන්නා අධි බලැති රතු පැහැති මෝටර් රථයකි.



එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි එම මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100 ට වේගය වැඩි කළ හැක.

එලොන් මස්ක් මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කර දීමක් ලෙසය.

ඇමරිකාවේ ට්‍රක් රථයක ගෙන යා හැකි වැඩිම බර වන කිලෝග්රෑම් 36,287 (රාත්තල් 80,000) ක බර පටවා ගත් ටෙස්ලා සෙමි ට්‍රක් රිය තත්පර 20 දී පැයට කිලෝමීටර් 60 ක වේගයක් කරා ළඟා විය හැක.

කෙසේ වෙතත්, ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා එලොන් මස්ක් දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්විණි.


Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා