Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

FARCRY 5



ස්වභාවය,
ගේම් එකේ පරිසරයට මූලික වෙලා තියෙන්නේ ඇමරිකාවේ, මොන්ටානා කියන State එකේ තියන Hope කියන මනඃකල්පිත නගරය. මේ ගේම් එකෙ අලුත් ආතල් එක තමයි අපට කැමති විදියට චරිතයක් ගොඩනගන්න පුලුවන්. ඒ කිව්වේ ගෑණු ද පිරිමිද , කලු ද සුදු ද රැවුල නම් රැවුල , කොණ්ඩේ නම් කොණ්ඩේ වගේ දේවල්.. (ඒත් Fallout / Skyrim තරම් ලොකුවට නැතුව ඇති) ගේම් එකේ වලියක් යනවනම් අපිට මේ Hope නගරයේ ඉන්න අපේ යාලුවන්ටත් කතා කරලා සහයක් ගන්න පුලුවන්. (Far Cry 2 එකේ Buddy System එක / Far Cry 4 එකේ Guns For Hire System එක වගේ.) අපේ සහයට එන කට්ටියටත් විවිධ විශේෂ හැකියාවන් තියනවා. ගේම් එකේ තියන Melee Weapons සමහරක් අපට කෙටි දුර Attacks සඳහා භාවිතා කරන්න පුලුවන්. ( ඒ කිව්වේ පිහියෙන්, මන්නෙන් දමලා ගහන්න 🔪 🔨) ඒ වගේම Far Cry Primal ගේම් එකේ තිබුණ System එක වගේ සතුන්ව හීලෑ කරලා අපේ සහයට ගන්න පුලුවන් Fang For Hire කියලා System එකකුත් ගේම් එකේ හදුන්වලා දීලා තියනවා. ගේම් එකේ ඉන්න එක එක සතුන්ටත් විශේෂිත එක එක හැකියාවන් තියනවා. ගේම් එකේ අපට මාලු අල්ලන්නත් පුලුවන් විදියට තවත් අලුත් System එකක් තියනවා.

සාරාංශිත කතාව,
ගේම් එකේ Main Enemy (Antagonist) වෙන්නේ Joseph Seed කියන ඔලුව අප්සෙට් ගියපු දේශකයෙක්. ඌ හිතාගෙන ඉන්නේ ඌව දෙවියන් විසින් එවලා තියෙන්නේ Hope නගරයේ මිනිස්සුන්ව මහ ලොකු විනාශයකින් බේරගන්න කියලා. මේ යකා පිහිටුවගන්නවා Eden’s Gate කියලා සංවිධානයක්. මතුපිටින් පේන්නේ මේ සංවිධානයේ අරමුණ මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා.. ඒත් ඇත්තට වෙන්නේ ඒක නෙමේ මේ Seed කාරයාගේ Eden’s Gate කියන්නේ Militaristic Doomsday Cult එකක් උදෙසා හදපු සංවිධානයක්. (බය වෙන්න එපා මටත් තේරෙන්නේ නෑ.. තව ටිකක් කියෙව්වම තේරේවි.) මේකෙන් කරන්නේ මිනිස්සුන්ට Threat කරන එකයි, බයකරවන එකයි, කලහකාරීත්වය පතුරවන එකයි විතරයි. Seed කාරයා මිනිස්සුන්ට රජයේ ආරක්ෂක ආයතන වල සහය ගන්න දෙන්නෙත් නෑ. කෙටියෙන් කිව්වොත් Seed උත්සාහ කරන්නේ Hope නගරයේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න. මේ Seed ව අත්අඩංගුවට ගන්න යන පොලිස් කාරයන්ට (ඇත්තටම පොලීසිය නෙමේ Sheriff ලට) අත්වෙන්නේ මරණය විතරයි.

අපේ චරිතය වෙන්නේ Sheriff ගේ සහයක නිලධාරි චරිතයක්, අපිව Hope නගරයට එවනවා මේ Seed ව අත්අඩංගුවට ගන්න. අපි මේ නගරයට එනකොටත් Seed තමාව The Father කියන නමින් හදුන්වාගන්නවා විතරක් නෙමේ මුලු නගරයේම වගේ පාලනයත් දරනවා. මේ නගරය පාලනය කරන වැඩේට Seed ට එයාගේ සහෝදරයනුත් උදව් කරනවා. ඒ සෙට් එක හදුන්වන්නේ “The Heralds” කියන නමින්.

Jacob – හිටපු හමුදා නිලධාරියෙක්, මෙයා තමයි Seed ගේ සෙබළුන් පාලනය කරන්නේ.
John – නීතිඥයෙක්, මේකා තමයි Eden’s Gate එකට බලෙන් ඉඩම් පවරගන්නේ.
Faith – Seed ගේ දැක්ම පතුරවන්නේ මෙයා.

එතකොට මේ Seed ට විරුද්ධව කටයුතු කරන අය විදියට,

Pastor Jerome – සාමාන්ය පල්ලියක පූජකයෙක්.
Mary May – බාර් එකක් වැඩ කරන කෙනෙක් (Bartender) මෙයාගේ තාත්තාව Seed මරපු නිසා තමයි Seed ගෙන් පළිගන්න ඉන්නේ. විශේෂයෙන්ම මෙයා “කෙල්ලෙක්” .
Nick Rye – Cropduster කියන වගාවන්ට පොහොර දාන Plane එකක Pilot කෙනෙක්. මෙයා හදන්නේ මෙයාගේ ළමයින්ට යහපත් අනාගතයක් තියන නගරයක් හදන්න.

ගේම් එකේ Weapons ගැන,

Handguns – 1911 / .44 Magnum / 6P9 / D50 / A99
Shotguns and Launchers – M133 / FP6 / D2 / M-79 / RPG
SMGs and LMGs – M11A1 / Skorpion (ඊක්කා) / A2000 / BZ19 / MP5 / PKM / MKG
Assault Rifles and Sniper Rifles – AR-C / AK-47 / M4A1 / MS16 / SVD / MBP .50
Melee Weapons – Baseball Bat / Sledgehammer / Bowie / Machete / Tanto (Short Blade – ජපන් ආයුධයක්)

Far Cry 5 system minimum requirements
CPU: Intel Core i5-2400 | AMD FX-6300 @ 3.5 GHz or better
CPU SPEED: Info
RAM: 8 GB
OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
VIDEO CARD: NVIDIA GeForce GTX 670 | AMD R9 270 (2GB VRAM with Shader Model 5.0 or better)

Far Cry 5 Recommended Requirements
CPU: Intel Core i7-4770 @ 3.4 GHz | AMD Ryzen 5 1600 @ 3.2 GHz or equivalent
CPU SPEED: Info
RAM: 8 GB
OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
VIDEO CARD: NVIDIA GeForce GTX 970 or AMD R9 290X (4GB VRAM with Shader Model 5.0 or better)






Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා