Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

'ඇපල්' අනුකරණය කිරීමේ වරදට වන්දි ගෙවූ 'සැම්සුන්'


iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත 'ඇපල්' සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි 'සැම්සුන්' සමාගමට නියෝග කළේය.

ලෝකයේ විශාලතම 'ස්මාර්ට්' ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළේය.

තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය.

එහෙත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණ.

වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව, ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහාවන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු වනු ඇත. iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්ලංඝනය කිරීමට වන්දි වශයෙන් ඉතිරි මුදල ගෙවිය යුතුය. මේ අනුව ගෙවිය යුතු මුළු වන්දි මුදල ඩොලර් මිලියන 539කි.

ජූරි සභාවේ සාමාජිකයන්, "සැම්සුන් ආයතනය අපේ නිෂ්පාදන අනුකරණය කිරීම වෙනුවෙන් වන්දි ගෙවිය යුතු යැයි තීරණය කිරීම" පිළිබඳ සතුටු වන බව ඇපල් සමාගම නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.



 

***Please Like/Comment & Share***

Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා