Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක...

ප්‍රකට සංකේත පිටුපස සැඟවුණු අරුත්



අක්ෂර මාලාවන් භාවිත නොකළ ඈත අතීතයේ දී මිනිසුන් එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ රූප සටහන් සහ විවිධ සංකේත බවයි පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ. එයට හොඳ ම උදාහරණයක් ලෙස ඊජිප්තු පීරමීඩ තුළ දී දැක ගැනීමට ලැබෙන රූපාක්ෂර හැඳින්විය හැකි යි. මෙසේ මුල් කාලීන මිනිසුන් විසින් භාවිත කරන ලද සංකේත බොහෝමයක් අදටත් භාවිතයේ පවතිනවා.

දේවාරක්ෂාවේ ඇස



පොදුවේ බොහෝමයක් ආගම් ආධ්‍යාත්මික බැල්ම සංකේතවත් කිරීම සඳහා භාවිත කරන ‘දේවාරක්ෂාවේ ඇස’ නිරූපණය කරනු ලබන්නේ ත්‍රිකෝණයක් තුළ පිහිටා ඇති තනි ඇසක රුවක් මගින්. පුරාතන ඊජිප්තු වැසියන් විසින් මුල් වරට මෙය යොදා ගෙන ඇත්තේ හෝරස් නම් වූ දෙවිඳුන් (රාජාණ්ඩුවේ ආරක්ෂකයා) පෙන්නුම් කිරීම සඳහා යි. හින්දු දහමේ දී ශිව දෙවිඳුන්ගේ තෙවැනි ඇස නිරූපණය කිරීම සඳහා ද මෙය යොදා ගෙන ඇති අතර ක්‍රිස්තියානි දහමට අනුව මේ මගින් පෙන්නුම් කරන්නේ ශුද්ධ වූ ත්‍රිත්වය යි. වර්තමානයේ දී බොහෝමයක් සංගම් තමන්ගේ නිල ලාංඡනය ලෙස මෙය යොදා ගන්නවා. එසේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල මුද්‍රාවේ පිටුපස ද ‘දේවාරක්ෂාවේ ඇස’ දැක ගැනීමට හැකි යි.

හර්මීස්ගේ යෂ්ටිය හෙවත් Caduceus



පියාපත් සහිත යෂ්ටියක් වටා වෙළී සිටින සර්පයින් දෙදෙනෙකු මගින් පෙන්නුම් කරන ‘හර්මීස්ගේ යෂ්ටිය’ වර්තමානයේ දී භාවිත කරන්නේ වෛද්‍යවරුන් නිරූපණය කරන සංකේතයක් ලෙස යි. නමුත් පුරාතන ග්‍රීක සහ රෝම මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් පරිදි සියුස් දෙවිඳුන්ගේ පුත්‍රයා සහ දෙවියන්ගේ පණිවුඩකරුවා වූ හර්මීස්, මෙවැනි යෂ්ටියක් රැගෙන ගොස් ඇත්තේ සාමය පිළිබිඹු කිරීමේ අරමුණෙන්. මේ නිසා පැරණි ග්‍රීක සහ රෝම වැසියන් ‘හර්මීස්ගේ යෂ්ටිය’ තනාපතිවරුන්ගේ අලංඝනීය බව (inviolability) පෙන්නුම් කිරීමේ සංකේතයක් ලෙස යොදාගෙන තිබෙනවා. නමුත් පසු කාලීන ව ‘හර්මීස්ගේ යෂ්ටිය’, ඇස්ලිපයස් නම් වූ රෝග සුව කිරීමට අධිපති දෙවිඳුන්ගේ යෂ්ටිය (මෙය මුදුනෙන් දෙකට බෙදුණු තනි සර්පයෙකු වෙළි සිටින යෂ්ටියක්) ලෙස වරදවා හඳුනා ගැනීම හේතුවෙන් වර්තමානයේ දී එය වෛද්‍යවරුන්ගේ සංකේතය ලෙස භාවිත වෙනවා.

සාමයේ සංකේතය



වර්තමානයේ දී භාවිත කරන ‘සාමයේ සංකේතය’, න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා වූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරය වෙනුවෙන් 1958 දී නිර්මාණය කර ඇත්තේ ජෙරල්ඩ් හොල්ටම් නම් බ්‍රිතාන්‍ය කලා ශිල්පියා විසින්. නමුත් එයට පෙර උඩු යටිකුරු කරන ලද කැඩුණු කුරුසයක් ලෙස දිස් වන එය භාවිත කර ඇත්තේ ක්‍රිස්තියානි දහමට විරුද්ධ සංකේතයක්, නොඑසේ නම් යක්ෂයාගේ සංකේතය ලෙස යි. එසේ ම අන්තර්ජාතික වශයෙන් සාමයේ සංකේතයක් ලෙස භාවිත කිරීමට පෙර එය කලක් නාට්සිවාදීන්ගේ ලාංඡනයක් ලෙස ද භාවිත කර තිබෙනවා.

ස්වස්තිකය



ගෙවී ගිය සියවසේ දී ‘ස්වස්තිකය’ ලොව පුරා වඩාත් ප්‍රකට වුණේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු නාට්සිවාදීන්ගේ ජාතික සංකේතය ලෙස වුවත් එය මුල් වරට භාවිත කර ඇත්තේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තරම් ඈත කාලයේ දී යි. ඔවුන් එය සශ්‍රීකත්වයේ, සෞභාග්‍යයේ සහ වාසනාවේ ලකුණක් ලෙස භාවිත කර තිබෙනවා. සංස්කෘතික බසින් ‘ස්වස්තික’ යන වදනේ අරුත වන්නේ ‘යහපැවැත්මට උපකාරී වන බව’ යන්න යි. හින්දු භක්තිකයන් විසින් ශුභ ලකුණක් ලෙස භාවිත කර ඇති ‘ස්වස්තිකය’, ජෛන ආගමිකයින් විසින් මරණින් මතු යළි උපදින සිව් ස්ථානයන් (සත්ත්ව/ශාක ලෝකය, නිරය, පෘථිවිය සහ ආධ්‍යාත්මික ලෝකය) නිරූපණය කිරීම සඳහා භාවිත කර තිබෙනවා. එසේ ම හින්දු භක්තිකයන්ට අනුව දකුණට හැරුණු ස්වස්තිකය මගින් හිරු ද වමට හැරුණු ස්වස්තිකය මගින් කාලි මෑණියන් ද පෙන්නුම් කරනු ලබනවා. බුදු සිරිපතුලේ ඇති සංකේත අතරින් එකක් වන ‘ස්වස්තිකය’, බොහෝමයක් බෞද්ධ ග්‍රන්ථයන් හි ආරම්භයේ දී සහ අවසානයේ දී දැක ගැනීමට හැකි යි.

යින් සහ යෑන්ග්




ටාඕ දහම හා බැඳි චීන දර්ශනයේ ‘යින් සහ යෑන්ග්’ මගින් නිරූපණය කරන්නේ ජීවිතයේ සියලු ම අවස්ථා සහ සංසිද්ධි ඇති කරන ඌනපූරක බලයන් ද්විත්වයක්. කළු පැහැයෙන් දක්වන ‘යින්’ මගින් පෘථිවිය, අඳුර, ස්ත්‍රීත්වය, උදාසීන බව සහ අවශෝෂණය ද, සුදු පැහැයෙන් දක්වන ‘යෑන්ග්’ මගින් දෙව්ලොව, පුරුෂත්වය, ආලෝකය, ක්‍රියාකාරී බව සහ විනිවිද යාම ද පෙන්නුම් කරනවා. චීන දර්ශනයට අනුව මෙම සියලු ලක්ෂණ එක් වීමෙන් පමණක් සම්පූර්ණ බව ඇති වෙනවා. එසේ ම ජීවී හෝ අජීවී සෑම දෙයක් තුළ ම ස්වභාවයන් ද්විත්වයක් පවතින බව පෙන්නුම් කිරීම සඳහා ද ‘යින් සහ යෑන්ග්’ යොදා ගන්නවා.

පස්කොන් තරුව


වෘත්තයක් තුළ සිටින ‘පස්කොන් තරුව’ අතීතයේ දී මායාකර්මයන් හි දී බහුල වශයෙන් භාවිත කර ඇති අතර එහි උඩු අතට ඇති කොන මගින් ආත්මය ද අනෙකුත් සිව් කොන් මගින් පඨවි (පෘථිවිය), ආපෝ (දිය), තේජෝ (ගින්දර) සහ වායෝ (වාතය) යන සතර මහා භූතයින් ද නිරූපණය කරනවා. එසේ ම අංක 5, මිථ්‍යා සාහිත්‍යයට අනුව ප්‍රබල ඉලක්කමක් ලෙස සැලකෙනවා. එයින් පංචේන්ද්‍රියන්, මිනිස් ජීවිතයේ ප්‍රධාන අවධි, ක්‍රිස්තියානි දහමට අනුව කුරුසයට තබා ඇණ ගසන ලද ක්‍රිස්තුස් වහන්සේගේ තුවාල, ඉස්ලාම් දහමේ එන ප්‍රධාන සංකල්ප වැනි දෑ නිරූපණය වන බව සැලකෙනවා. මේ හේතුවෙන් පුරාණ මිනිසුන්, යක්ෂයාගෙන් ප්‍රවේශම් වීමේ උපක්‍රමයක් ලෙස ‘පස්කොන් තරුව’ භාවිත කර ඇති බව සඳහන්.

Fleur-De-Lis


ප්‍රංශ බසින් ‘ලීලි මල’ යන අර්ථය ඇති ‘Fleur-De-Lis’ මගින් මුල් කාලයේ දී නිරූපණය කර ඇත්තේ ප්‍රංශ අධිරාජ්‍යයා යි. පුරාවෘත්තයන්ට අනුව කන්‍යා මරියතුමිය විසින් ප්‍රංශයේ රජු වූ ක්ලොවිස්ට ඔහුගේ භෞතීස්ම උළෙලේ දී ලබා දුන් ලිලී මල සංකේතවත් කිරීම සඳහා මෙය යොදා ගන්නවා. එම ලිලී මල, ලොව ප්‍රථම ගැහැනිය යැයි කියවෙන ඊව්, ඊඩන් උයන හැර යන විට ඇගේ ඇසින් රූරා වැටුණු කඳුළකින් නිර්මාණ වූවක්. මේ නිසා බොහෝමයක් පුරාණ ග්‍රන්ථයින් හි ‘Fleur-De-Lis’ සලකා ඇත්තේ නිර්මල බවේ සංකේතවයක් ලෙස යි. පසු කාලීන ප්‍රංශ රජුන් විසින් පෙති තුනකින් යුතු ලිලී මල ප්‍රංශයේ රාජකීය සංකේතය ලෙස භාවිත කිරීම අරඹා තිබෙනවා.

Top Views

ගජ මෑන් - GajaMan

ගණිත ගැටළු විසඳා දෙන ඇප්ස්

නික‌ොලා ‌‌ට‌ෙස්ලා