Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

Podcast

පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඇති.

ඒ නිසාම මේ ලිපියෙන් Podcast කියන්නේ මොකක්ද කියන එක අපි ඔබට හඳුන්වා දෙනවා. Oxford Dictionary එකේ තියන විදිහට Podcast කියලා කියන්නේ, Audio File එකක් හෝ Audio File Series එකක් Internet හරහා Onlineහෝ Download කරලා හරි අහන්න පුලුවන් දෙයක්. 

විවිධ මාතෘකා යටතේ කරුණු සාකච්ඡා වෙන මේ Audio වලට අපිට Subscribeකරන්න පුලුවන් පහසුකමත් තියනවා. මේ Podcast වල ආරම්භය වෙන්නේ2000-2004 වර්ෂ වල Adam Curry හා Dave Winer ගේ සහභාගිත්වයෙන්. එතනින් ආරම්භ වුනු Podcast අද මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම දෙයක් බවට පත් වෙලා තියනවා. ලෝකයේ පුද්ගලයන් බොහෝ ආදරය කරන මාතෘකා යටතේ පොඩ්කාස්ට් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකය පුරාම විකාශනය වෙනවා. උදාහරණයක් විදිහට විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව, විද්‍යා ප්‍රබන්ධ, Movies and Book Reviews, ආහාර හදන විදි ගැන, Traveling ඇතුලු විවිධtopics සම්බන්ධයෙන් ගොඩනැගුනු Podcast තියනවා. 

දැන් ලංකාව තුලත් මේ Podcast පටන් අරගෙන තියනවා. ඉතින් අන්න ඒ ගැන දැනුවත් කරන්න තමා අද මේ ලිපිය ලියන්න ප්‍රධානම හේතුවක්වෙන්නෙත්. දැන් බලමු ඇයි අපි පොඩ්කාස්ට් අහන්න ඕන සහ ඇයි ඒක වැදගත් කියලා.ගොඩක් අය Radio අහනවා තමන්ට අවශ්‍ය කරන දෙයක් අහන්න, හැබැයි ඒකට විකාශනය වෙන වෙලාව එනකම් බලාගෙන ඉන්න වෙනවා. Podcast වලදී ඔයාලට ඕන දේ තියන Category එකක් තෝරගෙන ඕනම වෙලාවක අහන්න පුලුවන් හැකියාව තියනවා. ඒ වගේම තමයි අපි දවසකට සැලකිය යුතු තරමක කාලය නාස්ති කිරීමක් කරනවා.

උදාහරණයක් විදිහට බස් එකකට නැගලා ගමනක් යන්න ගියාම සෑහෙන්න ප්‍රමාණයක් අපේ වෙලාව නාස්ති වෙනවා. ඉතින් අපි ඒ වෙලාවෙදි Podcastඑකක් අහන්න ගත්තොත් අපේ ඒ නාස්ති වෙන වෙලාවෙන් වැඩක් ගන්න පුලුවන්. මේ විදිහට ගත්තම සින්දු අහනවා වගේ Podcast අහන්නත් පුරුදු උනොත් ඒක හරිම ප්‍රයෝජනවත්. අලුත් දැනුම හොයන අයට ඒ දැනුම ලබා ගන්න පහසුම විදිහක් තමා Podcasts. ගොඩක් Podcast වල අලුත් වෙන ලෝකයේ දේවල් එසැනින් වාර්තා කරනවා. මේ විදිහට ගත්තම Podcast අහන එකේ වැදගත්කම ගැන බොහොමයක් අදහස් ගන්න පුලුවන්.



Android
  • Google Play Music 
  • Pocket Casts 
  • Podcast Addict 
  • Podcast Go 
  • Stitcher Radio for Podcasts 
  • SoundCloud 
  • Spotify 
Apple
  • Overcast 
  • Apple Podcasts 
  • Castro 
  • Pocket Casts 
  • Spotify



Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා