Posts

Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

ගණිත ගැටළු විසඳා දෙන ඇප්ස්

Image
MathAlly කාටිසීය තලවල සමීකරණ විසඳීම මූලික අවශ්‍යතාව වන විට දුරකතන තිරය මතට එන ප්‍රථම ඇප් එක වන්නේ MathAlly ඇප් එකයි. පරාමිතික සහ ධ්‍රැවීය ප්‍රස්ථාර, x හෝ y නොවිසඳුණ ද සමීකරණයට අදාල ප්‍රස්ථාරය ඇඳීම, අඳින ලද ප්‍රස්ථාර share කිරීම හෝ screenshot ගැනීම මෙහි විශේෂ ලක්ෂණ වන අතර නොමිලේ ලබාදෙන වෙළුමෙහි වරකට ඇඳිය හැකි ප්‍රස්ථාර ගණන සමීකරණ තුනකට සීමා වෙනවා. එනමුත් මෙය අන්තර්ජාල සබඳතාවක අවශ්‍යතාවකින් තොරව ක්‍රියාත්මක වීම සහ වෙළඳ දැන්වීම්වලින් තොර නිසා අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව සිත එකඟව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. MalMath අන්තර්ජාලයට සබැඳෙන්නේ නැතිවම ගණිත ගැටළු විසඳා දෙන්නට Malmath ඇප් එක සමත් වෙනවා. ඔබ දෙන ලද ගැටළුවට සමාන ගැටළු තනිව විසඳමින් පුරුදු වෙන්නට කැමති නම් ඒ සඳහාත් එවන් සමාන ගැටළු ඔබට ලබා දෙමින් හුරු කරවන්නට මෙයට පුළුවන්. සාමාන්‍ය අංක පෑඩයට වඩා වෙනස් සිරස් අතට තිබෙන අංක පුවරුව හැරුණු කොට මෙහි වෙළඳ දැන්වීම්වත් නොමැති නිසා එය පූර්ණ සංඛ්‍යා, ව්‍යුත්පන්න, ත්‍රිකෝණ මිතිය, ලඝු ගණක ආදිය විසඳමින් භාවිතයට පහසු ඇප් එකක් බවට පත් වෙනවා. MyScript Calculator කළු ලෑල්ලේ ලියපු

YouTube වෙතින් Facebook Live වීඩියෝ හට තරගයක්

Image
YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය වෙත එක්කල හැකිවනු ඇත. ජංගම දුරකථන හරහා Live වීඩියෝ පට අන්තර්ජාලයට එක්කරන සේවා අතරින් Facebook හා Periscope ප්‍රචලිත සේවාවන් කිහිපයක්. නමුත් යූටියුබ් සතුව දැනට පවතින ප්‍රභල තාක්ෂණික සැකැස්ම තුල අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි යූටියුබ් සමාගම පවසන්නේ. මේ වන විටත් Facebook Live ලංකාව තුල අතිශය ජනප්‍රිය අංගයක් වී හමාරයි. ඒ වගේම Facebook සිය Live වීඩීයෝ සඳහා විශාල වශයෙන් ධනය ශ්‍රමය ආයෝජනය කරන අතර ජනප්‍රිය තරු පවා යොදාගනිමින් සිය සේවාව ප්‍රචලිත කරවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් මේ නව යූටියුබ් සේවාව සාමාන්‍ය භාවිතකරන්නන් හට එළිදැක්වෙන දිනයක් ගැන සඳහනක් නම් තවමත් නිකුත් කර නැහැ. දැනට බොහෝම සුළු පිරිසකට පමණයි මේ සේවාව එළිදක්වා තිබෙන්නේ.

Apple සමාගම WWDC 2018හිදී හඳුන්වා දුන් දේවල්

Image
මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්. නවතම මෙහෙයුම් පද්ධතිය: iOS12 දුරකතන භාවිතයට ඇබ්බැහි වීම වළකාලීම පොදු ප්‍රශ්නයක්ව ගොඩ නැගෙද්දී ඒ වෙනුවෙන් දුරකතනය හරහාම සහාය දක්වමින් ඇප් එකක් භාවිත කිරීමට වැය කරන කාලය සීමා කිරීම සඳහා අවස්ථාව සලසා දෙනවා. ඇන්ඩ්‍රොයිඩ් P සඳහා ද මෙවන් ආකාරයේ පහසුකමක් අඩංගු කරන ලද අතර iOSහි එම විශේෂාංගය digital health dashboard ලෙස හඳුන්වනවා. එහි ඇති විශේෂත්වය නම් ඇප් එකකට ඔබ සැකසූ වේලාව අවසන් වන විට notification එකකින් එය පෙන්වා, අවශ්‍ය නම් එළාම් එක මෙන් කාලය මඳකින් දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලබාදී තිබීමයි. නිදාගන්නට පෙර Do not Disturb mode එක සක්‍රීය කරන්නට, අගුළු තිරයේ Notifications ගොඩ ගැසීම වළක්වමින් ඒවා group කරන්නට, දරුවන්ට දුරකතනය දීමට

micro:bit ශ්‍රී ලංකාවට

Image
මිට වසර 30 කට පමණ පෙර BBC Micro පරිගණකය හඳුන්වා දුන්නේ අනාගත ක්‍රමලේඛකයන් අරමුණු කර ගෙනයි. කර්මාන්තයේ දියුණුවට එය මහෝපකාරී වුනා. BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro:bit හඳුන්වා දුන්නා. micro:bit කියන්නේ ඉතා කුඩා පරිගණකයක්. එක්සත් රාජධානිය තුල පමණක් මිලියනයකට අධික පාසල් සිසුන් ප්‍රමාණයකට micro:bit බෙදා හරිමින් පවතිනවා. දැන් මෙය ලොව වටා රටවල් වල සිසුන් සඳහාද ලබා දෙනවා. micro:bit පරිගණකය, BBC Micro පරිගණකයට වඩා 17 වතාවක් කුඩයි. 617 වතාවක් සැහැල්ලුයි. නමුත් 18 වතාවක් වේගවත්. මෙය සතුව රතු LED 25 ක් , ක්‍රමලේඛනය කල හැකි බොත්තම් 2ක්(programmable buttons), මාලිමාවක්(compass), චලන අනාවරකයක්(motion detector), Bluetooth Smart තාක්ෂණය සහ ආදාන ප්‍රතිදාන සඳහා වලයන්(Input and Output (I/O) rings) 5 ක් පවතිනවා. හැකි උපරිම අයුරින් මෙහි ක්‍රමලේඛනය පහසු කරන්නට මෙහි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. Python සහ C++ යන ක්‍රමලේඛන භාෂාවන් මෙහි භාවිතා කරන්නට පුළුවන්. Microsoft Touch Develop (text-based) සහ Microsoft Blocks (graphical) යන ක්‍රමලේඛන භාෂා දෙක Microsoft සමාගම මේ සඳහා හඳුන්වා

සෑම වෙබ් අඩවියකම HTTPS තිබිය යුත්තේ ඇයි?

Image
මේ වෙබ් පිටුවේ ඉහළ, වෙබ් ලිපිනය තිබෙන ස්ථානයේ කොළ පැහැයෙන් තිබෙන https වචනයෙන් පෙන්වන්නේ ඔබ සහ NexTech වෙබ් අඩවිය අතර තිබෙන අන්තර්ජාල සබඳතාව ආරක්ෂිත එකක් බවයි. කිසිදු තෙවන පාර්ශවයකට ඔබේ තොරතුරු මෙම සබඳතාවය හරහා ලබාගත නොහැකි සේ ආරක්ෂණය කොට ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව මෙවන් වෙබ් අඩවියකට පිවිස ඔබේ තොරතුරු ලබා දෙන්නට පුළුවන්. මෙලෙස වෙබ් අඩවිය සහ පිවිසෙන්නා අතර ඇති සබඳතාව ආරක්ෂණය කරමින් දෙපස විශ්වාසය ගොඩනගා දෙන HTTPS ආරක්ෂණය එනිසා සෑම වෙබ් අඩවියකම තිබිය යුතුයි. ඔබ පවත්වාගෙන යන වෙබ් අඩවියක පරිශීලක මුරපද සහිත login system එකක්, ඊමේල්, ක්‍රෙඩිට් කාඩ් දත්ත වැනි වෙනත් පෞද්ගලික තොරතුරු ලබාගන්නවා නම් https හරහා කිරීමෙන් එම දත්ත Man-In-The-Middle පහරදීම්වලින් තෙවන පාර්ශවයකට යාම වළක්වා ගන්නට පුළුවන්. HTTP හරහා දත්ත සංසරණය කිරීමේදී එම දත්ත ආකේතනය නොකර text වශයෙන් ම පරිශීලකයාගේ සිට වෙබ් අඩවිය තෙක් පැමිණෙන නිසා එයට මැදිහත් වන හැකර්කරුවෙක්ට පහසුවෙන්ම ඔවුන්ගේ phishing වෙබ් අඩවියක් සබඳතාව මධ්‍යයට යොදන්නට, යැවෙන දත්ත බලා ගැනීමට හැකියාව ලැබෙනවා. HTTPS හරහා ඔබේ වෙබ් අඩවිය විසින් නිකුත් කරන සහති

ජුරාසික් පාක් චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිම

Image
1993 වසරේදී තිරගතවූ ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ 'ජුරසික් පාක්' චිත්‍රපටය හේතුවෙන් ඩයිනසෝරයන් පිළිබඳ යුගයක් පුරා දිවගිය සාකච්ඡාවක් ඇතිවිය. එසේම, පොසිල අධ්‍යයන විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ කිරීමට එමගින් උත්තේජනයක් ලබාදුන් බවට චිත්‍රපටය ඇගයීමට ලක්විය. නමුත් චිත්‍රපටය නිර්මාණයෙහිලා කෙතරම් විද්‍යාත්මක දත්ත යොදාගෙන ඇත්ද? එසේම එහි එන ඩයිනසෝරයන් පිළිබඳ සතු ඇති තවත් තොරතුරු මොනවාද? චිත්‍රපටය නිකුත්වීමෙන් විසිපස් වසරක් ගතවීම නිමිත්තෙන්, දෘෂ්‍ය ප්‍රයෝග විශේෂඥ ෆිල් ටිපෙට් (Phil Tippett) සහ පොසිල විද්‍යාඥ ස්ටීව් බ්‍රසාටේ (Steve Brusatte) චිත්‍රපටය නිර්මාණය පිළිබඳ නැවත ආවර්ජනය කරන අතර එතැන් සිට ඔවුනොවුන් උගත්දේ පිළිබඳ විමසා බැලුවෝය. ඔවුන්ගේ අදහසට අනුව චිත්‍රපටය ආරම්භයේදීම ඊට පාදකවූ මයිකල් ක්‍රයිටන්ගේ (Michael Crichton) නවකතාවේ ව්‍යාකූලතා ද එක්ව තිබිණි. චිත්‍රපටයේ දැක්වෙන ටයිරැනසෝරස් රෙක්ස් (Tyrannosaurus rex) (මාංශ භක්ෂක් ද්විපාද ඩයිනෝසොරයා), වෙලෝසිරප්ටර් (Velociraptor) (මාංශ භක්ෂක කුඩා දෙපා ඩයිනෝසොරයා) සහ ට්‍රයිසරටොප්ස් (Triceratops) යන සතුන් ද ඇතුළු බොහොමයක් ඩ

නික‌ොලා ‌‌ට‌ෙස්ලා

Image
ටෙස්ලාට තිබිල තියෙන්නෙ රූපමය මතකයක් බව කියනව. ඔහුට ඔහු කියැවූ පොත් සහ සේයාරූ සියල්ලක්ම මතකයේ පැවුතුන බවට ප්‍රකාශ කෙරෙනව. ඔහුගේ චින්තනයේ ප්‍රබලතාවය නිසා බොහෝ වටිනා අදහස් ප්‍රායෝගිකව ඉටු කරගනු නොහැකිව මගහැරී ගිය බවද පැවසෙනව. ඒ කරන්න පුළුවන් පමණට වඩා සිතීම නිසාවෙන් වයිෆයි සහ ස්මාට්ෆෝන්ද ඒ වගේ මගහැරුණු දේ අතර තියෙනව. ඒ වගේම ටෙස්ලා සෑම මොහොතකම සිනාසී සිටි අයෙකු බවද කියැවෙනව. අනිත් අයටත් දැනගන්න  Share  කරන්න ...

Adobe සියලුම 2018 සොෆ්ට්වෙර්‍යා නොමිලේ Download කර ගන්න

Image
Download කිරිමට තිබෙන Adobe සොෆ්ට්වෙර්‍යා කිහිපයේ නම් ... Adobe Dreamweaver CC 2018 v18.0.0.10136 (x86x64) Adobe Illustrator CC 2018 v22.0.0.243 (x86x64) Adobe InCopy CC 2018 v13.0.0.123 (x86x64) Adobe InDesign CC 2018 v13.0.0.125 (x86x64) Adobe Photoshop CC 2018 v19.0.0.24821 (x86x64) Adobe After Effects CC 2018 v15.0.0.180 (x64) Adobe Animate CC 2018 v18.0.0.107 (x64) Adobe Audition CC 2018 v11.0.0.199 (x64) Adobe Character Animator CC 2018 v1.1.0 Build 184 (x64) Adobe Media Encoder CC 2018 v12.0.0.202 (x64) Adobe Muse CC 2018 v2018.0.0.685 (x64) Adobe Photoshop Lightroom Classic CC 2018 v7.0.0.10 (x64) Adobe Prelude CC 2018 v7.0.0.134 (x64) Adobe Premiere Pro CC 2018 v12.0.0.224 (x64) Anticloud for Adobe Creative Cloud 2018 Rev.2 ..------------------------------------------------------------------ Torrent link 26.62 GB 01" Download link :- https://rubm.me/s?r=zYCh9o Or 02" hash Code :- 41CC7FA7DF5456015EE2E63323CAF4BAEE770097 පලමු ලින්ක්

අපට හමුවන කෙටි තාක්ෂණික පද 30ක තේරුම්

Image